බෝධිධර්ම භික්ෂූණ්වහන්සේ |
ක්‍රි.ව.525 (527?) ඉන්දියානු හිමිනමක් වූ උන්වහන්සේ වන්දනාගමනක් සහ සෙන් දහම ඉගැන්වීමට චීනයට පයින්ම වැඩම කළා. (තව කතාවක් තියෙනවා මේම ස්වමින් වහන්සේ අපේ රටින් ධර්මය ඉගේනගෙන ඉන්දියවට ගියා කියල, )
උන්වහන්සේ අහම්ඹයෙන් හොනාන් පළාතේ ශා ඕ ලින් ආරාමයට වැඩම කළා.
ශා ඕ ලින් යනු “තුරුණු වනය” යන තේරුම දෙන්නක්. එහිදී ඉගැන්වීම් කරගෙන යද්දී සිසුන්ගේ දුර්වලතාවයක් දුටුවා.
ඒ තමා සිත එකඟකරගැනීමට දුර්වලබව. නිතරම නිදිකිරාවැටෙනවා.
හේතුව හොයලා බලනකොට උන්වහන්සේ දැනගත්තා මෙම හිමිවරුන් ආරාමයෙන් ආරාමයට කැලය මැදින් යනකොට හොරුන්ට අසුවී විවිධ පීඩාවන්ට ලක්වනබව.
මේ නිසා පිළියමක් වශයෙන් කායික සහ මානසික සංකලන ව්‍යායාම 18ක් ඉගන්වූවා.
උන්වහන්සේ එය Ekikinkyo ලෙස නම් කළා. පසුකාලීනව I-chi-ching, Sha o Lin sur kempo ලෙස වෙනස් වුණා.
ආධ්‍යාත්මික ශක්තිය දියුණුකරගැනීමට මෙන්ම වනසතුන්ගෙන් සොරුන්ගෙන් බේරීමටත් මෙය මහෝපකාරී වුණා.
උන්වහන්සේගේ හොඳම ශිෂ්‍යයා වූ "ලොන්සූ" භික්ෂුව මෙහි ආධාරයෙන් සොරුන්ගේ ප්‍රහාරයක් ව්‍යර්ථකිරීමට සමත් වුණා.
මේ නිසා ගම්මුන් ආරාමය සමඟ වඩාත් සමීප වුණා.
ගම්මුන් සොරුන්ගෙන් මෙන්ම විවිධ පුද්ගලයන්ගෙන් බේරා ගැනීමට මෙය ගම්මුන්ට ඉගැන්වීමට ලොන්සූ භික්ෂුව තීරණය කළා.
මේ සමඟම මූලික අරමුණ වෙනස් වූ අතර සටන්කලාවක් ලෙස ජනතාව පුහුණු වුණා.
පසුකාලීනව එනම් යුවාන් රාජවංශ සමයේදී තරුණ ශා ඕ ලින් ශිෂ්‍යයෙකු වූ "යෙන්" භික්ෂුව විසින් මෙය සටන් ආර 72ක් දක්වා වැඩිදියුණු කළා.
සැබැවින්ම මෙම සටන් ආර 72 කුංග්ෆූ මූලය ලෙස සැලකෙනවා.
- බෲස් ලී ගේ The Letters of the Dragon ග්‍රන්ථය ඇසුරිනි.
කියොතෝහි සෙන්යු-ජි නම් භාවනාව සඳහා ම කැප වූ ආයතනයක් 13 වැනි ශත වර්ෂයේ මුල් කාලයේ පිහිටුවීමත් සමග සෙන් දහමේ මුල් බීජ ජපානයේ වපුරනු ලැබිණි. නරා යුගයේ දි [ජපානය|ජපානයට]] හඳුන්වා දෙනු ලැබූ සෙන් ධර්මය එවක ජපානයේ පැවති තෙන්දායි හා ශිංගොං නම් වු නිකායයන් හා සමාග්‍රහණව පැවතිණි. ක්‍රිව 1141-1215 අතර කාලයේ විසු එයිසායි නමැති භික්ෂුවක් විසින් රින්සායි නම් නිකාය ස්ථාපිත කිරිමෙන් අනතුරුව එය ස්වාධීන නිකායක් බවට පත් විය. සෙන් ශික්ෂූන්ගේ දින චර්යාව හා ආගමික වතාවත් දැඩි පාලනයක් ඇතිව සිදු විය. සෙන් ආචාර්යවරුන් හා ශිෂ්‍යයින් අතර බැඳීම බෙහෙවින් වැදගත් සේ සැලකූ අතර එය සෙන් සම්ප්‍රදායේ ආරක්ෂාව හා පැවැත්මට හේතුවන බව පිළිගැනුනි.
No comments:
Post a Comment