Pages

Thursday, August 30, 2012

වේබ් අඩවි වල පරණ පෙනුම බලමුද?

Thambaru Wijesekara
කාලයාත්‍රා ගැන ගොඩක් දෙනෙක් හීන මවනවනෙ. හැබැයි මේ එහෙම ම දෙයක් නෙවෙයි. දැනට පවතින හෝ නොපවතින වෙබ් අඩවියක් අතීතයේදි තිබුණු design එකෙන් ම බලන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. ඇත්තට ම කියනවනං Archived Web Sites
http://archive.org/web/web.phpයන අඩවිය මේ සඳහා පහසුකම් සපයන්නකි. එමගින් අපට අවැසි වෙබ් ලිපිනයක් ලබා දුන් කල්හි එම වෙබ් අඩවියට අයත් Archives පිළිබඳ පිරික්සා බලා අතීතයේ සිට මේ දක්වා වූ වෙළුම් සමූහයක් ලබාදෙයි. අඩවි නිර්මාපකයන් එය Way Back Machine ලෙස හඳුන්වා දී තිබේ.
උදාහරණයක් ලෙස ඔබට http://www.google.com හි ‍ඓතිහාසික පිටුවක් නැරඹීමට අවශ්‍ය නම් දී ඇති පෙළ කොටුවේ (Text box) එම ලිපිනය ඇතුලත් කර මා අතීතයට ගෙනයන්න (Take me back) බොත්තම ක්ලික් කරන්න. ඒ සැණින් එම අඩවියේ ආරම්භයේ සිට මේ දක්වා පැවතුණු ආකාරය අඩංගු දින නාමාවලියක් දිග හැරෙනු ඇත. අදාල දිනය ක්ලික් කිරීමෙන් ඔබට අතීතයට පිවිසිය හැකි ය.

ලෙඩ රෝග සොයන කැඩපතක්


Ming-Zher Poh නම් විදුලි හා වෛද්‍ය ඉංජිනේරුවරයෙකු විසින්  සොයා ගෙන ඇති මෙම කැඩපත Medical Mirror නමින් හදුන්වයි. මෙය නිපදවීම සඳහා වසර  1½  ක් පමණ ගතවී ඇති අතර තවමත් ඒ සඳහා වැය වූ වියදම අනාවරණය වී නැත.මෙහි ඇති ද්විත්ව කැඩපත පිටුපසින් පිහිටි මොනිටරයේ වෙබ් කැමරාව මගින් පුද්ගලයෙකුගේ හදවත ස්පන්ධනය වන විට ඔහුගේ මුහුණෙන් පරාවර්තනය වන ආලෝකය ග්‍රහණය කර ගනියි. පසුව කොම්පුටරය මගින් එම ආලෝක දත්ත හර්ද සීග්‍රතා කියවීමකට පරිවර්තනය කරයි. එය පහසු කිරීම සඳහා Poh විසින් වෙබ් කැමරාව ග්‍රහණය කර ගන්නා හර්ද සීග්‍රතාවයේ ආලෝක රටාව අවබෝධ කරගත හැකි ගණිත ක්‍රමයක් යොදා ගෙන ඇත.

Wednesday, August 29, 2012

කුංග්ෆූ සම්භව‍ය සහ සටන් කලාව

බෝධිධර්ම භික්ෂූණ්වහන්සේ
ලෝකයේ තියෙන කුන්ෆු සටන් කලාව පිලිබද තොරතුරු ටිකක් දෙන්න තමයි අද පොස්ට් 1ක ලියුවේ, මේ පොස්ට් 1ක ලියන්න විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය තොරතුරු හොයගත්තා,තව බ්ලොග් කිහිපයක් තිබ්බ කරුනු යි මම දන්න දේවල් තම දලා තියෙන්නේ බලන්න මේකෙන් ඔයලගේ ජිවිතයටත් මොන හරි ගන්න පුලුවම් වේයි. -TheAza-

Friday, July 27, 2012

මෙතෙක් කිසිදු යානයක් නොගිය දුරක් යන වොයේජර් යානය සෞරග්‍රහ මණ්ඩලයෙනුත් එපිටට

නාසා ආයතනය විසින් අභ්‍යවකාශගත කරන ලද වොයෝජර් 1 යානය සෞරග්‍රහ මණ්ඩලයටත් එපිට විශ්වය ගවේශණයට සූදානම් වන බව වාර්තා වේ. එනම් මෙතෙක් කිසිදු අභ්‍යවකාශ යානයක් ගමන් නොකළ තරම් දුරක් නිරුපද්‍රිතව ගවේශණයේ යෙදීමට මෙම වොයෝජර් 1 යානය සමත්ව ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ අවසානය සලකුණු වන්නේ සූර්ය චුම්භක බලය හා සූර්ය සුලඟ නොලැබෙන තීරයකිනි. විද්‍යාඥයින් ගනන් බලා ඇති ආකාරයට ඉදිරි මාස කිහිපය තුලදී හෝ ඉදිරි වසර කිහිපය තුලදී මෙම යානය අන්තර්තාරීය අභ්‍යවකාශයටද ගමන් කරනු ඇත.

Top 10 Apps Downloaded in 2011

මේ වසර Angry Birds ආධිපත්‍යය පැතුරූ වසරකි. Facebook, Twitter සහ Fruit Ninja වැනි ජංගම දුරකථන මෘදුකාංග (Apps) ද අභිබවමින් 2011 වසරේ වැඩිම පිරිසක් භාගත කරන ලද ඇප් එක බවට පත් වීමට Angry Birds සමත් වුනා. ඇන්ඩ්‍රොයිඩ් හෝ iOS මෙහෙයුම් පද්ධති තුල ක්‍රියාත්මක වන, නොමිලයේ හෝ මුදග් ගෙවා ලබාගත හැකි ඇප්ස් අතරින් මුල් ඇප්ස් 10 අතරට Angry Birds සංස්කරණ 3ක්ම ඇතුලත් වීම විශේෂත්වයක්. ඒ Angry Birds Rio සහ Angry Birds Seasons ය. ලොව පුරා විවිධ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති තුල නිපදවුනු ඇප්ස් මිලියන ගණනක් අතුරන් තවමත් ප්‍රථම ස්ථාන අතරේ සිටීමට Apple සමාගමේ iOS මෙහෙයුම් පද්ධතිය තුල නිපදවුනු ඇප්ස් සමත් වීම ද විශේෂ කරුණක් විය. එමෙන්ම එම වාර්තා පෙන්වා දෙන පරිදි ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුල නිමවුනු ඇප්ස් මඟින් ලැබෙන ආදායම මෙන් සිව් ගුණයක ආදායමක් iPhone දුරකථනය සඳහා නිමවුනු ඇප්ස් මඟින් පමණක් ලැබීමද විශේෂත්වය කි. පහතින් දැක්වෙන්නේ 2011 වසරේ වැඩි වශයෙන් භාගත කෙරුනු ඇප්ස් අතර මුල් කිහිපයයි. 1. Angry Birds 2. Facebook 3. Skype 4. Angry Birds Rio 5. Google Maps 6. iBooks 7. Angry Birds Seasons 8. Fruit Ninja 9. Talking Tom 10. Twitter

Thursday, July 12, 2012

Torrent වේගය අඩු ද? මෙන්න විසඳුම


ටොරන්ට් යනු වර්තමායේ අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනෙක් දන්නා හඳුනන කාරණයක්.අන්තර්ජාලය සඳහා දුරකථන සේවා සපයන්නන් විසින් සීමිත සේවා ලබා දෙන ලංකාව වැනි රටකට torrent ඉතා වැදගත් ක්‍රමවේදයකි.මන්ද දැනට පවතින අන්තර්ජාල පැකේජ භාවිතා කරමින් ප්‍රමාණයෙන් විශාල මෘදුකාංග,චිත්‍රපට,පරිඝණක ක්‍රීඩා වැනි බාගත කිරීම් සිදු කරන විට දී ඒවා direct download කිරීම අපහසු කාරණයකි.එවන් අවස්ථාවක torrent වලින් මහගු සේවයක් ඉටු වන  බව කිව හැකිය. torrent හි ඇති විශේෂත්වය මෙයයි.එනම් ඕනෑම අවස්ථාවක ඩවුන්ලෝඩ් වෙමින් පවතින භාගත කිරීමක් නවත්වා නැවත ආරම්භ කිරීමට හැකි වීම,සමහර ඩවුන්ලෝඩ් වෙමින් පවතින ගොනු විවෘත කර බැලීමේ හැකියාව විශේෂ වේ.

Wednesday, July 11, 2012

හඳට යන්න හැදු ඇපොලෝ මෙහෙයුම

රුවැති ළඳකගේ මුහුණ සඳට සමාන කිරීම එදත් අදත් කවියන්ගේ පුරුද්දයි. සෑම නිමේෂයකදීම පොළොව වටා ගමන් කරමින් රාති‍්‍රයේ සඳ රැස්වලින් පොළොව නහවන චන්ද්‍රයා පිළිබඳ මිනිසුන්ගේ කුතුහලය ජනිත වූයේ අද ඊයේ නොවේ. ඒ නිසාම ඔවුහු සඳ දෙවියන්ට සමාන කළහ. ඇතැම් විට යහපත් මිනිසකු අමරණීය කිරීමට තැනූ වස්තුවකැයි සිතූහ. ගී‍්‍රක වරුන්ගේ විශ්වාසය වූයේ සඳ ජීවිතය ඇති කරන හා විනාශය කැඳවන දෙව`ගනගේ වාසස්ථානය බවයි. බෞද්ධයෝ බෝසත් චරිතයක එන හාවාට උපහාර පිණිස සක් දෙවිඳුන් විසින් හඳේ හාවෙක් ඇඳ ඇතැයි සිතූහ. ඈත අතීතයේ පටන් නැකත් කරුවෝද තාරකා විද්‍යාඥයෝ ද සඳ ගැන නිතර නිතර සොයා බැලූහ. විවිධ මත ප‍්‍රකාශ කළහ. පෘථිවියේ පරිවාර ග‍්‍රහයා වූ චන්ද්‍රයා මතුපිටට යානයක් යැවීම බොහෝ කළක පටන් ඇමරිකාවේත් රුසියාවේත් සිහිනයක් වී තිබිණි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නිරවි යුද සමයේ මොවුන් අතර උනුන් පරයා නැගීමේ තරගයේ උච්ඡුතම අවස්ථාව වූයේ අභ්‍යාවකාශය ජය ගැනීමයි. වරින් වර නිපදවූ චන්ද්‍රිකා ගුවන් ගත කළ ඇමරිකාවත් රුසියාවත් අතරින් ලොව ප‍්‍රථම වතාවට මිනිසකු අභ්‍යාවකාශයට යැවූ රුසියාව පෙරමුණ ගෙන තිබිණි. ඇමරිකාවේ අදහස වූයේ සඳ තරණයෙන් පෙරමුණ ගැනීමයි. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මර්කරි වැඩ සටහනේ දෙවැනි කොටස ලෙස අයිසන් හවර් පාලන සමයේදී (1960) දී ඇපලෝ වැඩසටහන පිළිබඳ සංකල්පය මුල් වරට කරලියට පිවිසියේය. මර්කරි කැප්සුලය මගින් පෘථිවි කක්ෂයේ සීමිත දුරකට එක් මිනිසකු පමණක් ගෙන යාමේ හැකියාව තිබිණි. නාසා ආයතනයේ පාලක අබේ සිල්වස්ටයින් ආලෝකයට හා දුනු ශිල්පයට අධිපති ඇපලෝ නම් ගී‍්‍රක දෙවියාගේ නමින් සඳ තරණය කිරීමේ ව්‍යාපෘතිය නම්කරන ලදී. නාසා ආයතනය ඇපලෝ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුතු දිගින් දිගටම සිදුකළ ද එයට ප‍්‍රමාණවත් තරම් මුදල් ලැබුණේ නැත. මිනිසුන් අභ්‍යාවකාශයට යැවීමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනාධිපති අයිසන් හවර් සැකමුසුව බැලීම එයට හේතුවක් විය. අභ්‍යාවකාශ ගවේෂණය හා මිසයිල ආරක්ෂණය යන ක්ෂේත‍්‍රයෙන් තම රාජ්‍යය සෝවියට් දේශයට වඩා ඉහළ මට්ටමකට ගෙන එන බව පොරොන්දු වෙමින් මැතිවරණයට තරග කළ ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිධූරයට පත්වුව ද ඔහු ද මේ වැඩපිළිවෙළ ගැන නිගමනයකට එළඹීමෙන් වැළකී සිටියේය. මිනිසුන් සහිත යානයක් සඳ මතට යැවීමට වැය කළ යුතු මුදල් කන්දරාව ඔහු අධෛර්යයට පත්කරන්නට ඇත. නාසා ආයතනයේ ප‍්‍රධානියා වූ ජේම්ස් වෙබ් තම වැඩපිළිවෙළට ලබාදෙන මුදල් ප‍්‍රමාණය ඉහළ දමන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටිය ද කෙනඩි ඒ ගැන උනන්දුවන බවක් පෙනෙන්නට තිබුණේ නැත. 1961 අපේ‍්‍රල්් මස 12 වැනි දින යූරි ගගාරිං අභ්‍යාවකාශ ගතවීමේ පුවත ඇමරිකාව සසළ කළේය. අභ්‍යාවකාශ තර`ගයෙන් රුසියාව ජයග‍්‍රහණය කරන බව ඉතාමත්ම පැහැදිලි කරුණක් වී තිබේ. ගගාරිං අභ්‍යාවකාශය තරණය කළ දිනට පසුදින පැවති ඇමරිකාවේ විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව පිළිබඳ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩල කමිටු රැස්වීම බොහෝ සෙයින් උණුසුම් මුහුණුවරක් ගත්තේය. කොන්ග‍්‍රස් සභිකයන් වැඩි දෙනකුගේ අදහස වූයේ එක්සත් ජනපදයේ මට්ටම ඉහළ නැංවීම අරමුණු කරගත් හදිසි වැඩසටහනක් කි‍්‍රයාත්මක කළ යුතු බවයි. එක්සත් ජනපද අභ්‍යාවකාශ වැඩ සටහනේ තත්ත්වය හා නාසා ආයතනයට සිය තත්ත්වය ඉහළ නංවා ගැනීමට ආධාර විය හැකි වැඩ සටහන් පිළිබඳ සොයා බලන මෙන් ජනාධිපති කෙනඩි අපේ‍්‍රල් 20 දා උප ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන් හට සිහිකැඳවීමක් යැව්වේය. 1961 මැයි මස 25 වැනි දින කොන්ග‍්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක් අමතමින් විශේෂ කතාවක් කළ කෙනඩි මෙසේ කීවේය. ‘‘ අපේ දේශයේ මිනිසකු මේ දශකය අවසන් වීමට පෙර සඳ මතට යවා නැවත ඔහු ආරක්ෂිතව ගෙන්වා ගැනීමේ ඉලක්කය අප විසින් ජයගත යුතුයි. මේ කාලයේදී සිදුකරන කිසිදු අභ්‍යාවකාශ වැඩසටහනක් එම ඉලක්කය ජය ගැනීමට ගන්නා උත්සාහය තරම් වැදගත් නොවනු ඇති. ඉතා අධික මිලක් යෙදවිය යුතු මේ ව්‍යාපෘතිය අභ්‍යාවකාශයේ දුර ගවේෂණය සඳහා ඇති වැදගත්ම වැඩසටහන වන අතරම වැඩිම මිලක් වැය කිරීමට සිදුවන ව්‍යාපෘතියද වනු ඇත. ’’ ‘‘ අප ඉදිරි වසර දහයේදී සඳ මත පා තැබීමට තීරණය කළේ එය පහසු ඉලක්කයක් නොව අපහසු ඉලක්කයක් වූ බැවිනි. එයින් අපගේ හැකියාව හා ශක්තිය මැන බැලීමට හැකිවනු ඇත. එය අභියෝගයකි. එය භාර ගැනීමට සූදානම්ව සිටින අප එය කල්දැමීමට කැමැත්තක් නැත. ’’ කෙනඩි ඇමරිකාවේ ජනතාව හමුවේ මෙවන් බලාපොරොත්තු දැල්වුව ද නාසා ආයතනය මිනිසකු කක්ෂගත කිරීමට අසමත්ව සිටියේය. කෙනඩි මේ අදහස් ප‍්‍රකාශ කරන විටත් ඇමරිකාව අභ්‍යාවකාශයට යවා තිබුණේ එක් මිනිසකු පමණි. මෙවන් තත්ත්වයකදී නාසා ආයතනයේ සේවකයෝ පවා කෙනඩිගේ ඉලක්කය සපුරාගත හැකිවේද යන්න පිළිබඳ සැක පල කළහ. ඉතාමත්ම හදිසියේ නවීන තාක්ෂණික ක‍්‍රම වේදයන් රැසක් කි‍්‍රයාවේ නංවන්නට විය. ලෝකයේ තනි රටක් විසින් එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් වෙන් කරන ලද විශාලතම මුදල් ප‍්‍රමාණය වෙන්වූ ඇපලෝ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීම සඳහා ලක්ෂ හතරක් වූ සේවක සංඛ්‍යාවක් යොදවා ගැනීමට සිදුවූ අතර මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ විශ්වවිද්‍යාල හා කාර්මික විද්‍යාල සංඛ්‍යාව 20,000 අධිකය. මොවුන්ගේ අරමුණ වූයේ මිනිස් ජීවිත වලට අවධානම අඩුම සහ අඩු වියදමකින් සඳ තරණය සඳහා කටයුතු කිරීමයි. මේ යෝධ කාර්යය ජය ගැනීම සඳහා ආකාර හතරක් අත්හදා බැලීමට නාසා ආයතනය තීරණය කළේය. සෘජු නික්මීම -අභ්‍යාවකාශ යානයක් කෙලින්ම සඳට ගමන්කර එහි ගොඩබා නැවත තනි ඒකකයක් ලෙස පෘථිවියට පැමිණේ. මේ සඳහා අතිශය බලසම්පන්න වූ රොකට්ටුවක් අවශ්‍යයය. පෘථිවි කක්ෂය හා සම්බන්ධ වීම-සැටර්න් වී රොකට්ටු දෙකක් නිකුත් කරයි. එක් රොකට්ටුවක් අභ්‍යාවකාශ යානය පෘථිවි කක්ෂයෙන් ඉවතට ගෙන යන අතර අනෙක් රොකට්ටුව අභ්‍යාවකාශ යානය පෙරළා පෘථිවියට ගෙන එයි. සඳ මතුපිටදී සම්බන්ධ වීම-මෙහිදී අභ්‍යවකාශ යානා දෙකක් නිකුත් වේ. පළමුවැන්න ස්වයංකී‍්‍රය යානයකි. අනෙක මිනිසුන් රැගත් යානයයි. පෘථිවියට ඒමට පෙර ප‍්‍රචාලක පද්ධතිය ස්වයංකී‍්‍රය යානයේ සිට මිනිසුන් සහිත යානයට සම්බන්ධ කැරෙනු ඇත. චන්ද්‍ර කක්ෂ සම්බන්ධ වීම්-එක් සැටර්න් වී රොකට්ටුවක් මොඩියුල කොසට්වලින් යුත් එක් අභ්‍යවකාශ යානයක් නිකුත් කැරෙනු ඇත. අණදීම් යානය චන්ද්‍ර කක්ෂයේ පවතින අතර චන්ද්‍ර යානය ගොඩබෑමෙන් පසු යළි ඒ සමග සම්බන්ධ වනු ඇත. මෙම ආකාර වලින් මුල් යුගයේදී නාසා ආයනය වඩාත් උනන්දු වූයේ සෘජු නික්මීම කෙරෙහිය. බොහෝ දෙනාගේ අදහස වූයේ අභ්‍යාවකාශයේදී මෙතෙක් සිදු නොකළ සම්බන්ධ කිරීම් චන්ද්‍ර කක්ෂයේදී සිදුකිරීමට නොහැකි බවයි. ලැන්ග්ලී පර්යේෂණ මධ්‍යස්ථානයේ ජෝජ් හෝබෝල්ට් තරයේම කියා සිටියේ යානය ආපසු පැමිණීමේදී ස්කන්ධය හැකිතාක් අඩු කිරීම වැදගත් බවයි. මේ පිළිබඳ බොහෝ වාද විවාද වලින් අනතුරුව 1962 ජූලි 11 වැනිදා නාසා ආයතනය තීරණය කළේ චන්ද්‍ර කක්ෂයේදී යානා දෙක සම්බන්ධ කරමින් ස්කන්ධය හැකිතාක් අඩුකැර යළි පෘථිවියට ගෙන ඒම මෙම තීරණයත් සමග ඇපලෝ අභ්‍යාවකාශ යානාවල මුලික සැලැස්ම එළිදක්වන ලදී. එය ප‍්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. පාලක යානය හා චන්ද්‍ර යානය යනුවෙන් එය හැඳින්වූ අතර අභ්‍යාවකාශ ගාමියෝ වැඩි කාලයක් ගත කරන්නේ පාලක යානයේය. චන්ද්‍රයා මතුපිටට ගොඩබෑමෙන් අනතුරුව යළි පාලක යානයට පැමිණීම සඳහා චන්ද්‍ර යානය භාවිත කරයි. ඇපලෝ ව්‍යාපෘතියේ පාලක යානය කෝණිකය. එහි ගගනගාමීන් තිදෙනකු වෙනුවෙන් ඉඩ පහසුකම් තිබේ. ඔවුන් තිදෙනා සඳ වෙත ගෙනගොස් නැවත පෘථිවිය වෙත රැුගෙන ඒම සඳහා මෙය සකස් කැරුණි. පාලක යානයත් චන්ද්‍රයා මත ගොඩබැසීමට යොදාගන්නා චන්ද්‍ර යානයත් අතර ගමන් කළ හැකි උමගක්, පාලක එන්ජිම, මග පෙන්වීමේ පද්ධතියක් හා පරිගණකක් මේ යානයේ තිබේ. ජලය හා වාතය ගබඩා ටැංකි, ගුවන් යානා ඉන්ධන කුටි සන්නිවේදන උපකරණ ද මෙහි අඩංගු වේ. චන්ද්‍ර යානය සඳ මතුපිට ගොඩබෑමටත් ඉන් අනතුරුව යළි පාලක යානය සමග සම්බන්ධ වීමටත් මෙය නිර්මාණය කැර තිබේ. එය පෘථිවි ගුරුත්වය යටතේ පියාසර කිරීමට නොහැකි තරම් අඩු ස්කන්ධයකින් නිර්මාණය කිරීම නාසා ආයතනයේ අපේක්ෂාව විය. උතුරු ඇමරිකා ඒවියේෂන් විසින් පාලක යානය ගොඩනැගීමේ කොන්ත‍්‍රාත්තුව භාරගන්නා ලදී. නමුත් මෙම ආයතනය නාසා ආයතනය සමග තිබූ සම්බන්ධතා දුර්වලවීමෙන් ව්‍යාපෘතිය ටිකෙන් ටික ප‍්‍රමාද වන්නට විය. ඇපලෝ 1 යානය ගින්නට හසුවීමට හේතුව පාලක යානයේ විදුලි රැහැන්වල දෝෂයක් යැයි තීරණය කිරීමත් සමගම මේ විරසකය වඩාත් වැඩිවන්නට විය. චන්ද්‍ර යානය නිර්මාණය කිරීමේ හා නිපදවීමේ කොන්ත‍්‍රාත්තුව ගෲමන් හට ලැබිණි. ටොම් කෙලී විසින් අධීක්ෂණය කරන ලද මේ ව්‍යාපෘතිය දිනෙන් දින ප‍්‍රමාද වීම නිසා ඇපලෝ මෙහෙයුම නැවත සැළසුම් කිරීමට පවා සිදුවිය. 1967 සැප්තැම්බරයේ දී ටෙක්සාස් හූස්ටන් හි මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානා මධ්‍යස්ථානය මිනිසුන් සහිතව යානයක් සඳ මතුපිටට ගොඩබැස්සවීම සඳහා මෙහෙයුම් පද්ධතියක් යෝජනා කරන ලදී. එය මෙහෙයුම් වර්ග හතකින් සමන්විත වූවේය. ඇපලෝ වැඩසටහන සඳහා සූදානම් වීම් මිනිසුන් සහිත ඇපලෝ මෙහෙයුම් පියාසර කිරීමට ද බොහෝ කාලයකට පෙර ආරම්භ කරන ලදී. සැටර්න් 1 සඳහා පියාසර කිරීම් 1961 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කළ අතර එය 1964 සැප්තැම්බර් 21 ක දක්වා සිදුකැරුණි. සඳ මතුපිටට මිනිසුන් යැවීමේ කටයුත්ත සඳහා නාසා ආයතනය ඒ ආකාරයෙන් කටයුතු කරමින් සිටියදී ලහි ලහියේම තවත් කාර්යයක් සිදුවෙමින් තිබිණි. ඒ සඳ මතුපිට සිතියම් ඇඳීමේ කාර්යයි. 1964 දී සහ 1965 දී රේන්ජර් නම් යානා තුනක් සඳ මතට කඩා වැටෙන්නට සලස්වා එමගින් සඳ මතුපිට ඡායාරූප ගන්නා ලදී. ඇමරිකාව එසේ උත්සාහ කළ ද සඳ මතුපිට ප‍්‍රථම ඡායාරූපය පෘථිවියට එවන ලද්දේ 1966 පෙබරවාරියේ ලූනා නමය නමැති රුසියා යානයෙනි. සඳ මතුපිට සුමට පෘෂ්ඨයක් නොමැති බවත් එය විශාල වශයෙන් ගල් පර්වත වලින් සහ වළවල් වලින් සමන්විත බව මේ ඡායාරූප අනුව තීරණය කැරුණි. ඇමරිකාව ඕබිටර් නම් යානා සඳ වෙත යවා කක්ෂ ගත වී සඳෙහි සිතියම් සකස් කිරීමට ද කටයුතු කැර තිබිණි. සර්වේයර් නම් තවත් යානාවක් ද හඳට බස්සවා ඡුායාරූප ගැනීමට ඇමරිකාව කටයුතු කළේය. මේ අනුව සර්වේයර් යානා පහෙන් තුනක් සාර්ථකව තම කාර්යය ඉටුකිරීමට සමත්වූ අතර ඕබිටර් යානා පහක් ද සඳවෙත යැවිණි. ඇපලෝ යානා ආරම්භය වූයේ මිනිසුන් රහිතව සඳ වෙත යැවීමයි.

ජංගම දුරකථන 8 න් ගෘහ දූවිලි මයිටාවන්

ජංගම දුරකථන 8 න් ගෘහ දූවිලි මයිටාවන් ජංගම දුරකථන අටක තිබී ගෘහ දූවිලි මයිටාවන් ලෙස හඳුන්වන මයිටාවන් විශේෂයක් සොයාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට අද පස්වරුවේ පැමිණි පුද්ගලයෙක් සිය බිරිඳ භාවිත කරන ජංගම දුරකථනයේ සියුම් දූවිලි අංශු චලනය වන බවත් පසුගිය දින කිහිපය තුළ සිය බිරිඳ කනේ ආබාධයකින් පෙළුණු බවත් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අදාළ දුරකථනය පරීක්ෂා කිරී‍මේ දී එහි මයිටාවන් සිටි බවට තහවුරු වූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරණායක මහතා ප්‍රකාශ කළේය. එම මයිටා විශේෂය මගින් සම ආශ්‍රිතව ආසාධනයන් සිදුකරන බව අනාවරණය වී ඇත. මීට පෙර ද කළුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ කන තුළ සිටි මයිටාවන් සොයාගැනීමට වෛද්‍යවරුන් සමත් විය.

Saturday, June 9, 2012

සිංහළේ අංගං සටන් සිංහළේ අංගං ශාස්ත්‍රය අප දන්නා තරමින් අවුරුදු 33,000කට වඩා එපිට ඉතිහාසයකට උරුමකම් කියයි. අංගම් ශාස්ත්‍රයේ නිර්මාපකයන් ලෙස එවකට මේ ‍රටේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් හැඳින්වීමට පුළුවන. මේ මාතෘභූමිය ආරක්ෂා කිරීම අංගං ශාස්ත්‍රය නිර්මාණය වීමේ මූලිකම හේතුවයි. අපේ මිනිසුන්ගේ ආත්මාරක්ෂාව මෙන්ම ඔවුන්ගේ යහපත් සෙෘඛ්‍යයත් අංගං ශාස්ත්‍රයෙන් බලාපොරොත්තු විය. මේ උතුම් වූ ශාස්ත්‍රය වසර ගණනාවක් මුළුල්ලේ විවිධ පරසතුරු උවදුරු වලින් සිංහළේ ආරක්ෂා කර රට ස්වයංපෝෂිත කිරීමට දායක විය. සිංහලයාට ඍජු කශේරුඛාවක් වී නම් ඒ මේ අංගං ශාස්ත්‍රය නිසා ය. අපේ පෞර්ෂය වුණේ මේ ශාස්ත්‍රයයි. අපි අදටත් කිසිවෙකුට යටත් නොවී නොබියව කතා කරන්නේ නම් මේ අංගං ශාස්ත්‍රයේ ආභාෂයෙනි. සීතාවක රාජධානියට සම්බන්ධ කොරතොටආරච්චි පරම්පරාවෙන් පැවතෙන මහන්තාරච්චිගේ අජන්ත පෙරේරා ගුරුතුමන් ඌරා ළි‍ඳේ අංගං කෙටීමකට විවෘත අභියෝගයක් කරයි. අපටම ආවේණික අංගං ශාස්ත්‍රයේ සංගායනාවක් ලෙස මෙම අවස්ථාව දකින ඔහු, අංගං ශාස්ත්‍රයේ රොඩු බොරළු ඉවත් කර නිවැරදි ශාස්ත්‍රය අනාගත පරපුරට උරුම කර දීමේ භාරධූර කර්තව්‍යයකට අතගසා සිටී. ඌරා ළිඳ යනු සාම්ප්‍රදායික සිංහලයන්ගේ සටන් ක්‍රමය වන අංගං සටන් ශිල්පීන්ගේ දක්ෂතා උරගා බලන හෝ අංගං සටන් ඉගෙන ගන්නා ශිල්පීන් සටන් පුහුණු වන ස්ථාන ඌරා ළිඳ ලෙස හැඳින්වේ. මෙම ළිඳ සැකසී තිබෙන්නේ වල් ඌරන් ජලය බීමට යන ගල්වලින් සැකසුණු ළිඳක ආකාරයෙනි. මෙම ළිඳට වතුර බීමට යන ඌරන් එහි තිබෙන බෑවුම් ස්වාභාවය නිසා ලිස්සා ගොස් නැවත එන්නට බැරි ලෙස ජලයේ ගිලෙයි. එවැනි ස්වාභාවයකට මෙම ළිඳ සකසා තිබේ. මේ අනුව අඩි දහයක් උස අඩි පහළොවක් විශ්කම්භයක් සහිත පතුළ මඩකර තිබෙන මෙම ඌරා ළිඳෙහි සටන පෑ තැටියෙන් පැයක කාලයක් පුරා දිව යයි. ඌරා ළිඳේ සටන ඌරා ළිඳේ සටන් කරන ආකාර කීපයකට සටන් කරනු ලබයි. අයෙකු අඩපණ වන තෙක් සටන් කිරීම මරණය තෙක් සටන් කිරීම පැයක් ඇතුළත් වැඩි දක්ෂතා මත ජයග්‍රහණය තීරණය කිරීම පරාජය භාර ගන්නා තෙක් සටන් කිරීම යනාදී ලෙසයි. මෙහිදී දෙදෙනා එකඟ වන ඕනෑම ආකාරයකට සටන් කිරීම සිදු කළ හැකිය. පනික්කි රාළ තනතුර අංගං මඩුවක ගුරුවරයා හෙවත් පනික්කිරාළ තෝරා ගැනීම සඳහාද ඌරා ළිඳේ සටන් යොදා ගනු ලබයි. මීට අමතරව අතීතියේ රජුන්ගේ අංගාරක්ෂකයන් (පුද්ගලික ආරක්ෂකයා) තෝරා ගන්නා ල්ද්දේද ඌරා ළිඳේ අංගං කෙටීමෙනි.

mony