asanga.blog
සිත සොයනා ඉසව්ව.... .... ..The Aza.blog
Thursday, August 30, 2012
වේබ් අඩවි වල පරණ පෙනුම බලමුද?
කාලයාත්‍රා ගැන ගොඩක් දෙනෙක් හීන මවනවනෙ. හැබැයි මේ එහෙම ම දෙයක් නෙවෙයි. දැනට පවතින හෝ නොපවතින වෙබ් අඩවියක් අතීතයේදි තිබුණු design එකෙන් ම බලන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. ඇත්තට ම කියනවනං Archived Web Sites
http://archive.org/web/web.phpයන අඩවිය මේ සඳහා පහසුකම් සපයන්නකි. එමගින් අපට අවැසි වෙබ් ලිපිනයක් ලබා දුන් කල්හි එම වෙබ් අඩවියට අයත් Archives පිළිබඳ පිරික්සා බලා අතීතයේ සිට මේ දක්වා වූ වෙළුම් සමූහයක් ලබාදෙයි. අඩවි නිර්මාපකයන් එය Way Back Machine ලෙස හඳුන්වා දී තිබේ.
උදාහරණයක් ලෙස ඔබට http://www.google.com හි ඓතිහාසික පිටුවක් නැරඹීමට අවශ්‍ය නම් දී ඇති පෙළ කොටුවේ (Text box) එම ලිපිනය ඇතුලත් කර මා අතීතයට ගෙනයන්න (Take me back) බොත්තම ක්ලික් කරන්න. ඒ සැණින් එම අඩවියේ ආරම්භයේ සිට මේ දක්වා පැවතුණු ආකාරය අඩංගු දින නාමාවලියක් දිග හැරෙනු ඇත. අදාල දිනය ක්ලික් කිරීමෙන් ඔබට අතීතයට පිවිසිය හැකි ය.
ලෙඩ රෝග සොයන කැඩපතක්
Wednesday, August 29, 2012
කුංග්ෆූ සම්භවය සහ සටන් කලාව
බෝධිධර්ම භික්ෂූණ්වහන්සේ |
Friday, July 27, 2012
මෙතෙක් කිසිදු යානයක් නොගිය දුරක් යන වොයේජර් යානය සෞරග්‍රහ මණ්ඩලයෙනුත් එපිටට
නාසා ආයතනය විසින් අභ්‍යවකාශගත කරන ලද වොයෝජර් 1 යානය සෞරග්‍රහ මණ්ඩලයටත් එපිට විශ්වය ගවේශණයට සූදානම් වන බව වාර්තා වේ. එනම් මෙතෙක් කිසිදු අභ්‍යවකාශ යානයක් ගමන් නොකළ තරම් දුරක් නිරුපද්‍රිතව ගවේශණයේ යෙදීමට මෙම වොයෝජර් 1 යානය සමත්ව ඇත.
සෞරග්‍රහ මණ්ඩලයේ අවසානය සලකුණු වන්නේ සූර්ය චුම්භක බලය හා සූර්ය සුලඟ නොලැබෙන තීරයකිනි. විද්‍යාඥයින් ගනන් බලා ඇති ආකාරයට ඉදිරි මාස කිහිපය තුලදී හෝ ඉදිරි වසර කිහිපය තුලදී මෙම යානය අන්තර්තාරීය අභ්‍යවකාශයටද ගමන් කරනු ඇත.
Top 10 Apps Downloaded in 2011
මේ වසර Angry Birds ආධිපත්‍යය පැතුරූ වසරකි. Facebook, Twitter සහ Fruit Ninja වැනි ජංගම දුරකථන මෘදුකාංග (Apps) ද අභිබවමින් 2011 වසරේ වැඩිම පිරිසක් භාගත කරන ලද ඇප් එක බවට පත් වීමට Angry Birds සමත් වුනා. ඇන්ඩ්‍රොයිඩ් හෝ iOS මෙහෙයුම් පද්ධති තුල ක්‍රියාත්මක වන, නොමිලයේ හෝ මුදග් ගෙවා ලබාගත හැකි ඇප්ස් අතරින් මුල් ඇප්ස් 10 අතරට Angry Birds සංස්කරණ 3ක්ම ඇතුලත් වීම විශේෂත්වයක්. ඒ Angry Birds Rio සහ Angry Birds Seasons ය. ලොව පුරා විවිධ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති තුල නිපදවුනු ඇප්ස් මිලියන ගණනක් අතුරන් තවමත් ප්‍රථම ස්ථාන අතරේ සිටීමට Apple සමාගමේ iOS මෙහෙයුම් පද්ධතිය තුල නිපදවුනු ඇප්ස් සමත් වීම ද විශේෂ කරුණක් විය. එමෙන්ම එම වාර්තා පෙන්වා දෙන පරිදි ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුල නිමවුනු ඇප්ස් මඟින් ලැබෙන ආදායම මෙන් සිව් ගුණයක ආදායමක් iPhone දුරකථනය සඳහා නිමවුනු ඇප්ස් මඟින් පමණක් ලැබීමද විශේෂත්වය කි.
පහතින් දැක්වෙන්නේ 2011 වසරේ වැඩි වශයෙන් භාගත කෙරුනු ඇප්ස් අතර මුල් කිහිපයයි.
1. Angry Birds
2. Facebook
3. Skype
4. Angry Birds Rio
5. Google Maps
6. iBooks
7. Angry Birds Seasons
8. Fruit Ninja
9. Talking Tom
10. Twitter
Subscribe to:
Posts (Atom)